සියවස් සමරන බලංගොඩ ඓතිහාසික මිහිඳු මහා පෙරහර මෙවරත් වීථි සංචාරයට සූදානම්

බලංගොඩ ශ්‍රී සංඝික මහා සුදර්මාරාම විහාරස්ථානයේ මිහිඳු මහා පෙරහර මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබෙනවා.

එළඹෙන ජුනි 22 දෙවනදා වීථි සංචාරය කෙරෙන මෙම මිහිඳු මහා පෙරහර මෙවර සංවිධානය කර ඇත්තේ සියවන වරටවීම විශේෂත්වයක්.

වර්ෂ 1924 දී ආරම්භ කළ මෙම මිහිඳු මහා පෙරහර මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ සුවිශේෂී පෙරහර මංගල්‍යක් බවට පත්ව තිබෙනවා.

ජුනි 22 වන දින වීථි සංචාරය කෙරෙන පෙරහරට සමගාමීව ජුනි 17 වනදා සිට බලංගොඩ ශ්‍රී සංඝික මහා සුදර්මාරාම විහාරස්ථාන මූලික කරගනිමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?