කුඩු සලිඳුගේ ගෝල ලැයිස්තුවේ අයෙක් පානදුරේ දී මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සලිඳු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ ඩුබායි සිට මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයන් වන නිලංග සම්පත් හා සංඛ සම්පත් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ගෝලයෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර, නල්ළුරුව ප්‍රදේශයේ දී ඊයේ (08) මෙම 27 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සහ 38 SPECIAL රිවෝල්වර් වර්ගයේ ජීව උණ්ඩ 20ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී ඔහු කුලී පදනම පානදුර, නෙවිල් පෙරේරා මාවතේ ලබාගෙන තිබූ නිවසක් පරික්ෂා කිරීමේ දී එහි අල්මාරියක සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරන රුපියල් 4,249,900ක මුදලක් ද සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාගේ කුලී නිවසේ දී ඔහු සමඟ සම්බන්ධ වෙමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් සැඟවීම් වලට අධාර අනුබල ලබාදුන් මොරවින්න, පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඒ, අනුව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී මෙම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සලිඳු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන ප්‍රධාන ගෝලයන් වන ඩුබායි රාජ්‍යයේ රැදි සිටින නිලංග සම්පත් හා සංක සම්පත් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයන් බවත්, මෙම පුද්ගලයින් කුඩු සලිඳු විසින් සිදුකරන ලද අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36