අපරාධකරුවන් සමඟ ළඟින් ඇසුරු කළ අයෙක් හමුදා නිල ඇඳුම් සමඟ අල්ලයි

යම්කිසි අපරාධයක් සිදුකිරීමේ අදහසින් යුද හමුදාවට අයත් නිල ඇදුම් හා නිල ඇදුම් කොටස් සන්තකයේ තබාගෙන සිටි බෝගහපිටිය, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඊයේ (07) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වයස අවුරුදු 30ක අයෙක් වන අතර, ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා විදේශ ගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙය වන ‘පැටි’ යන අය හා ‘බබා’ යන අයවලුන් සමඟ ද, වෙඩික්කරුවෙකු ලෙස හදුනා ගෙන ඇති ‘විරාජ්’ යන අය සමඟ සමිප සම්බන්දතා පවත්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු 2007 වසරේ දී යුද හමුදාවට බැදී 2013 වර්ෂයේ යුද හමුදාවෙන් පළා ගිය සෙබලෙකු බවටත් තොරතුරු අනාවරනය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32