බොලිවුඩ් නිළි කන්ගනාගේ කන පැලූ කොස්තාපල්වරිය අත්අඩංගුවට

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන කන්ගනා රනවුත්ට කම්මුල් පහරක් එල්ල කළ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුල්වින්දර් කෞර් නැමැති මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායේ (CISF) පොලිස් කොස්තාපල්වරියක්.

බොලිවුඩ් නිළි කන්ගනා රනවුත් ඊයේ (06) දිල්ලිය බලා යන ගුවන් යානයකට ගොඩවීමට යමින් සිටිය දී චන්දිගාර් ගුවන් තොටුපළලේ දී මෙම පහර කෑමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

කන්ගනා රනවුත්සි මීට පෙර ගොවීන්ට අගෞරව කරමින් සිදුකර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෝපයෙන් සිටි පොලිස් කොස්තාපල්වරිය මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය දා ප්‍රතිඵල නිකුත් වූ ඉන්දීය මහ මැතිවරණයට සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් තරග කළ කන්ගනා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

මේ අතර කන්ගනාට පහරදීම සිදුකළ පොලිස් කොස්තාපල්වරිගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32