එළඹෙන LPL තරගාවලියේ දී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහුමාන් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළා.
ඒ, අනුව රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඔහුව මුදාහැරීමට අධිකරණය නියෝග කර සිටියේ.
එහිදී ඔහුට විදෙස් ගතවීම තහනම් කළ අතර, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගනු ලැබුවා.
මෙවර LPL තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම මිලදී ගෙන තිබුනේ තමීම් රහුමාන් විසින් වන අතර, මෙම සිද්ධියත් සමඟ එම හිමිකරිතාවයෙන් ඔහුව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.













