AFC Banner
Empty Ad
Empty Ad

දයාසිරිගේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකරණය කල්දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම තනතුරින් ඉවත් කරමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද? නැද්ද? යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සති දෙකක කාලයක් ලබාදුන්නා.

තමන්ව තනතුරින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ අභියාචනයක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ තීරණය දැනුම්දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පෙත්සමේ නම් කර තිබූ මෛත්‍රීපාල සිරිසේනට සහ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක යන මහත්වරුන්ට කල් ලබාදීම සිදුකළා.

ඉන් අනතුරුව පෙත්සම ලබන 25 වන දක්‌වා කැඳවීමට ද නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?