ඔලිම්පික් ප්‍රතිරූපය ගැන ගැටළුකාරී තත්ත්වයක්

2021 ඔලිම්පික් උළෙලේ දී තහනම් උත්තේජක ලබාගත් බවට සනාථ වූ චීන ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩකයින්ගේ ධනාත්මක තහනම් උත්තේජක පරීක්ෂණ ප්‍රතිඵල වසන් කිරීම සහ පැරිසියේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඔවුන් යැවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ල වී තිබෙනවා.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තහනම් උත්තේජක චෝදනා එල්ල වූ චීන පිහිනුම් ක්‍රීඩකයින්ට සහභාගී වීමට අවසර ලබාදෙන්නේ නම්, එය එම ඉසව්වේ ප්‍රතිරූපයට දැඩි ලෙස කැළලක් විය හැකි බවට ක්‍රීඩා ප්‍රවීණයන් බිය පළ කරනවා.

ලෝක තහනම් උත්තේජක වැලැක්වීමේ ඒජන්සිය (WADA) පසුගියදා පැවසුවේ 2021ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී චීන ක්‍රීඩකයින් තහනම් උත්තේජක ලබාගත් බවට සාම්පල තහවුරු වූයේ එහි තිබූ ආගන්තුක ද්‍රව්‍යයක් නිසා බවයි.

එබැවින් අදාළ චෝදනාවෙන් ක්‍රීඩකයින් නිදහස් කරන බව WADA නිවේදනය කළා.

එක්සත් ජනපදයේ තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (USADA) චෝදනා කරන්නේ එය වසන් කිරීමක් මිස අන් කිසිවක් නොවන බවයි.

USADA හි ප්‍රධාන විධායක නිලධාරී ට්‍රැවිස් ටයිගාර්ට් චීනය සහ WADA යන දෙකම නීති උල්ලංඝනය කරන බවට චෝදනා කළා.

එක්සත් ජනපද නීති සම්පාදකයින් දැනටමත් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවෙන් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46