AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපන කලාප 02ක හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ තීරණයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (05) දිනයේ නොපැවෙත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඊට අමතරව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත, අයගම සහ කලාවන කොට්ඨාසවලට අයත් පාසල් ද හෙට (05) දිනයේ නොපැවෙත්වෙන බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම දිවයිනේ අනෙකුත් අධ්‍යාපන කලාපවල හෙට (05) දිනයේ දී සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
6
+1
2
+1
15
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?