AFC Banner
Empty Ad
Empty Ad

වතුකම්කරු වැටුප් වැඩි කළ ගැසට්ටුව බලරහිත කරන්න අභියාචනාධිකරණය බෑ කියයි

වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් මෙම අවස්ථාවේ දී අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව අභියාචනාධිකරණය තීන්දු කළා.

අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට තින්දු කරමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර ඇතුළු පිරිසක් වෙත මේ මස 26 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් මිනිසුරු මඩුල්ල නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?