පොඩි මැණිකේ දුම්රිය හපුතලේ දී ගිනිගනී (වීඩියෝ)

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (03) පෙරවරුවේ බදුල්ලේ සිට ගමන් ඇරඹු මෙම දුම්රියේ පිටුපස එන්ජිමේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නයේ දී දුම්රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයට පැමිණීමෙන් පසු එම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

මේ වනවිටත් පොඩි මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා ඇති බවයි හපුතලේ අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?