AFC Banner
Empty Ad
Empty Ad

සමන් කොල්ලාගේ කුඩු බෙදූ ගෝලයෙක් අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සමන් කොල්ලා’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන ගෝලයෙක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ – ගාල්ල මාර්ගයේ වේනමුල්ල ප්‍රදේශයේ දී ඊයේ (02) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක අයෙක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු සනතකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලි ග්‍රෑම් 140ක් ද සොයාගැනීමට හැකිව ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?