කැළණි, නිල්වලා, ගිං සහ කළු ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානමක්

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ කැළණි, නිල්වලා, ගිං, කළු යන ගංඟා ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (02) අලුයම නිකුත් කළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ලබන 04 වනදා අලුයම 3.00 දක්වා වලංගු වනවා.

ඒ, අනුව ඉදිරි පැය 48 තුළ ගිං ගඟ ආශ්‍රිතව ඇති නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය-දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම සහ බෝපේ-පොද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගිං ගඟ නිම්නයේ පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි අනතුරු අඟවන්නේ.

එමෙන්ම නිල්වලා ගඟ ආශ්‍රිතව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවුන්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව ද ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි.

මේ අතර කළු ගඟ ආශ්‍රිතව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට, රත්නපුර, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, දොඩංගොඩ, හොරණ, මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව ද මෙම අනතුරු ඇඟවීම නිකුත්කර තිබෙනවා.

එමෙන්ම කැළණි ගඟ ආශ්‍රිතව ද ඉදිරි පැය 48 සඳහා දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව ද ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57