තොණ්ඩමන්ගේ විරෝධය නිසා නුවරඑළිය පොලිසිය ඉදිරිපිට උණුසුම් වෙයි (ඡායාරූප)

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අද (01) පස්වරුවේ නුවරඑළිය පොලිසිය ඉදිරිපිටට එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් කැඳවා විරෝධතාවයක නියැලුනා.

මේ හේතුවෙන් නුවරඑළිය අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බලැණි නුවරඑළියට කැදවීමට කටයුතු කර තිබුණා.

නුවරඑළිය පිඩෘ වතුයායේ තේ කර්මාන්තශාලාවට පසුගියදා එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් රැගෙන ගොස් එහි සේවය කරමින් සිටි සේවකයින්ව ඉවත් කර, කැළණිවැලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු වතු පාලන අධිකාරියේ නිලධාරින් රැසක් පැය කිහිපයක් තේ කර්මාන්තශාලා අඩස්සියේ රඳවා තබාගැනීමට එරෙහිව එම වතුයායේ පාලන අධිකාරිය විසින් අද (01) නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඊට විරෝධය පළකරමිනුයි අමාත්‍යවරයා ඇතුළු ආධාරකරුවන් පිරිස මෙලෙස පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේ.

විරෝධතාවයේ නියැලී සිටි අමාත්‍ය ජිවන් තොණ්ඩමන්ට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිසිය තුළට පැමිණෙන ලෙසට නුවරඑළිය පොලිසියේ නිලධාරින් අවස්ථා කිහිපයක දී ඉල්ලීම් කලත් ඔහු එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පසුව පොලීසිය තුළට ගොස් එහි උසස් පොලිස් නිලධාරින් සමඟ සාකච්ඡා කර පිටතට පැමිණ ආධාරකරුවන් හමුවේ කියා සිටියේ වතු පාලන අධිකාරිය විසින් තමන්ට සහ තම ආධාරකරුවන්ට එරෙහිව සිදුකර තිබූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට එකඟතාවය පළ කළ බවයි.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයෙන් පසු ආධාරකරුවන් පොලීසිය ඉදිරිපිටින් විසිර ගියා.

කෙසේ වෙතත් අමාත්‍යවරයාට සහ ආධාරකරුවන්ට එරෙහිව සිදුකර තිබූ පැමිණිල්ල ඉවත්කර ගත්තේ ද යන්න සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ පැමිණිල්ල සිදුකළ පාර්ශවයේ කිසිවෙකු පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46