AFC Banner
Empty Ad
Empty Ad

මතුගම නිවසක් මතට පැති බැම්මක් කඩා වැටී අනතුරක්

මතුගම, මීගහතැන්න, කටුකැලේ ප්‍රදේශයේ නිවසක් මතට පැති බැම්මක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම ප්‍රදේශයට ඊයේ (31) රාත්‍රිය පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මෙලෙස බැම්ම නිවස මතට කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස නිවස මතට පැති බැම්ම කඩා වැටීමත් සමඟ නිවසේ හිමිකරු ඊට යට වී තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ එම පුද්ගලයා මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?