ඩ්‍රාවිඩ්ගේ අනුප්‍රාප්තිකයා කවුරුන් ද ? – ටෙන්ඩුල්කාර්, මෝදි, අමිත් ෂාගේ නම්වලිනුත් අයදුම්පත්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ්ගේ අනුප්‍රාප්තිකයා කවුරුන් ද යන්න නුදුරේදීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එවැනි පසුබිමක ගෞතම් ගාම්භීර් එම වගකීම භාරගැනීමට සූදානම් බවයි ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරන්නේ.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීගයේ උපදේශකයෙකු ලෙස ඔහුගේ ආකර්ෂණීය වැඩ කිරීමත් සමඟ ගාම්භීර්ගේ නම ඉන්දීය ක්‍රිකට් වර්ණාවලිය තුළ මේ වනවිට වට වී තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ භූමිකාව සඳහා ඕස්ට්‍රේලියානු නම් රාශියක් මෙන්ම අනෙකුත් IPL පුහුණුකරුවන්ගේ නම් කිහිපයක් උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබුණා.

එවැනි උනන්දුවක් පෙනෙන්නට තිබුණත් ඔවුන්ට වඩා ඉදිරියෙන් ගාම්භීර් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර IPL අවසන් තරගයෙන් පසුව ගෞතම් ගාම්භීර්, ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා සමඟ දීර්ඝ කතාබහක ද නිරතව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන්ඩියා ටුඩේ පුවත්පතට අනුව ගෞතම් ගාම්භීර්, ඩ්‍රාවිඩ්ගේ විශ්‍රාම යාමෙන් පසු ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය මැයි 27 වනදා වන විට ප්‍රධාන පුහුණුකරුගේ භූමිකාව සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කරනු ලැබුවා.

එලෙස ලැබුණු අයදුම්පත් අතර ‘සචින් ටෙන්ඩුල්කාර්’, ‘නරේන්ද්‍ර මෝදි’ සහ ‘අමිත් ෂා’ වැනි ව්‍යාජ අයදුම්පත් ඇතුළු අයදුම්පත් 3000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14