දෙවන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට මුහුණ දුන් දෙවන පුහුණු තරග ඊයේ (31) පැවැත් වුණා.

අයර්ලන්තයට එරෙහිව පැවති මෙම තරගය ලකුණු 41 කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන් අතර, එහිදී නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 163ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් සහ නායක වනිඳු හසරංග ලකුණු 26ක් රැස් කළා.

පන්දු යැවීමේ දී බැරී මැකාති සහ ජෝෂ් ලිට්ල් අතරේ කඩුලු 02ක බැඟින් බෙදී ගියා.

ලෝඩර්හිල් හිදී පැවති මෙම තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලනත්යට පන්දුවාර 18යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 122ක් පමණයි.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට කර්ටිස් කැම්පර් පත් වුණේ ලකුණු 26ක් රැස්කරමින්.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ දසුන් ශානක පන්දුවාර 03යි පන්දු 02ක් තුළ ලකුණු 23ක් පමණක් ලබාදෙමින් කඩුලු 04ක් බිඳ දැමුවා.

ඊට අමතරව වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

ඒ අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
5
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13