වතු කම්කරු වැටුප් වැඩිකිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර තිබෙන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම අද (31) කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණා

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වග උත්තරකරුවන් ලෙස කම්කරු ඇමති මනුෂ නානායක්කාර, කම්කරු කොමසාරිස්වරයා ඇතුළු 52ක් නම් කර තිබෙනවා.

මෙම පෙත්සම අද දින, සෝභිත රාජකරණ සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම් මේ මස 31 වනදා සිදුකරන ලෙසයි.

පෙත්සම්කාර වැවිලි සමාගම් ප්‍රකාශ කරන්නේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප වශයෙන් 1350ක් සහ රුපියල් 300ක් දීමනාවක් මෙන්ම තවත් රුපියල් 80ක දීමනාවක් අවම වැටුප වශයෙන් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි..

මීට අදාළව ඉකුත් දා පැවති මැයි දින රැළිවලදී ද දේශපාලකයින් විසින් අදහස් පළ කර තිබූ බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

පෙත්සන්කරුවන් කියා සිටින්නේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බවයි.

මෙය සම්පූර්ණයෙන්ම අතනෝමතික ආකාරයෙන් ගත් තීරණයක් බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වැවිලි සමාගම් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?