ගොඩනැගිල්ල උඩ විරෝධය පාන ජාතික රෝහල් සේවකයා බෙල්ලනගේ කෙරුවාව දිගහරී (වීඩියෝ)

කොළඹ ජාතික රෝහලේ සේවකයෙක් අද (31) පෙරවරුවේ එම රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහලයට නැඟ විරෝධතාවයක් ආරම්භ කළා.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් තමන්ට විවිධ හිරිහැර කරමින් පළිගන්නා බවට පවසමින් එම සේවකයා මෙලෙස විරෝධතාවයේ නිරත වනවා.

මේ අතර මෙම සේවකයා දින දෙකක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මොහුට ජාතික රෝහල තුළ ම ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කර ඇති බවත් තොරතුරු වාර්තා වුණා.

මේ අතර විරෝධතාවයේ නිරත රෝහල් සේවකයා සමඟ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සහ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් දුකථනය ඔස්සේ සම්බන්ධ වුණා.

එහිදී අධ්‍යක්ෂවරයා සහ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ ඔහුගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා දෙන බවත්, ඔහුට ලබා දී ඇති අභ්‍යන්තර ස්ථාන මාරුවීම වහාම වලංගු කිරීමට ද කටයුතු කරන බවයි.

ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සහ රවී කුමුදේශ් විරෝධතවයේ නිරත සෞඛ්‍ය සේවකයා අතර පැවති සංවාදය පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14