AFC Banner
Empty Ad
Empty Ad

දඹුල්ල තන්ඩර්ස් හිමිකාරීත්වය ලබාගෙන සිටි තමීම් රහ්මාන් යළි රිමාන්ඩ්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දී සිදුකිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන සිටි බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ලබන 07 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔහු අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු තරග පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ සම්පූර්ණ දුරකථන සංවාදය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නියෝග කරනු ලැබුවා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය අධිකරණයේ නියෝගය පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශ ගතවීමට තැත් කිරීමේ දී පසුගිය දා මොහුව අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත් එල්.පී.එල්. තරගාවලියේ දී මෙවර දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෘප් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදී ඉන් ඉවත් කිරීමට තරග සංවිධායකවරුන් විසින් මෙම සිද්ධියත් සමඟ තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?