කිසිදු මැතිවරණයකට අපේ බයක් නෑ

කිසිදු මැතිවරණයකට අපේ භයක් නෑ, බොහෝම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්විය යුතු නියමිත දිනයට නියමිත මැතිවරණ එලෙසින්ම පවත්වන බවට සහතිකයක් අතිගරු ජනාධිපතිතුමන් විසින් රටට ලබා දීලා තියෙනවා යැයි ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, පලාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා, 

ආණ්ඩුව මැතිවරණ වලට කිසිම භයක් නෑ, ආණ්ඩුව භය වෙලා තියෙන්නේ මේ රට තියන තැනින් බේරා ගැනීම සඳහා විදේශ ණය ප්‍රථිව්‍යුහගත කරන වැඩපිළිවෙල සඳහා තමයි ගරු ජනාධිපතිතුමත්, රජයත්, අන්තර්ජාතික සංවිධානත් මහන්සි වෙන්නේ, ඒ නිසා අපි භය වෙන්නේ මේ ණය ගෙවාගන්න බැරිව තියෙන ගැටලුවට පමණයි, ඒ මිසක් කිසිදු මැතිවරණයකට භයක් නෑ, බොහෝම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්විය යුතු නියමිත දිනයට නියමිත මැතිවරණ එලෙසින්ම පවත්වන බවට සහතිකයක් අතිගරු ජනාධිපතිතුමන් විසින් රටට ලබා දීලා තියෙනවා.

එතුමා කැබිනට් මණ්ඩලයට බොහෝම පැහැදිලිව දැනුම් දුන්නා මේ වර්ෂයේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයයි, ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මුදල් අමාත්‍යයවරයා වශයෙන් එතුමා විසින් පසුගිය අය-වැය ලේඛණයේ රුපියල් බිලියන 10 ක් වෙන් කරලා තියෙනවා.ඒ අනුව ඉතිරි කටයුතු කිරීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින්, ඔක්තොම්බර් මාසයේ 17 වැනිදාට ප්‍රථම නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වෙනවා.ඒ ගැන කිසි සැකයක් නෑ, රට අවුල් කරන විකාර රූපි දේශපාලනය නැතිව යථාර්ථයට මුහුණ දීලා රට ගොඩගන්න පුලුවන් ජාතික නායකත්වයකට රට භාර දීමේ කටයුත්ත මේ රටේ  ජනතාව ඉෂ්ඨ කරයි ප්‍රජාත්‍රන්තවාදී ලෙස.

රට ගොඩගන්න පුලුවන් නායකයෙකුට අපි සහය දක්වනවා ඒ මැතිවරණයේදී, නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ අමාරුම ආර්ථික අවධියක තමයි ඉන්නේ, ණය ආපසු ගෙවීම් ඇති කර ගෙන, අන්තර් ජාතික සහයෝගය පූර්ණ වශයෙන් ලබා නොගත්ත රජයකට සති දෙකක්වත් ආණ්ඩු කරන්න බෑ, ඒ නිසා ඒ වැඩපිළිවෙලට අනුව ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල‌ේ විස්තීරණ ණය ගිවිසුමේ කොන්දේසි අනුව අන්තර් ජාතික වශයෙන් ණය  ගෙවීම් පිළිබඳ ඇතිවන එකඟතාවයත් මත තමයි රට ඉදිරියට ගමන් කරන්න තිබෙන්නේ.එය කිරීමේ නායකත්වය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා.ඉදිරියටත් එතුමා ඒ නායකත්වය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
00:46
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:11
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
02:10