දීර්ඝ කාලයක සිට බූස්ස ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙක් විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් ඊයේ (29) රත්ගම පොලිස් වසමේ වැල්ලබඩ, බූස්ස ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 90 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි වැල්ලබඩ, බූස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක්, ජාවාරමෙන් උපයා ගත් මුදල් රුපියල් 101,000 ක්, ජංගම දුරකථන 02ක් සහ යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන සඳහා ඔහු රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
1
+1















