බස් රථයක් පෙරළී 27 දෙනෙක් රෝහලේ

රත්නපුර – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (29) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථය ඇඹිලිපිටිය සිට කොළඹ දක්වා ධාවනය කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථය බස් රථයේ ගැව්ටීම වැළැක්වීමට බස් රියදුරු උත්සාහ ගත් අවස්ථාවේදී මාර්ගයෙන් ඉවතට පෙරළී ඇති බවයි.

අනතුරෙන් 27 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34