යතුරුපැදියෙන් පැමිණ රෝහලේ වැඩ දැමූ දෙදෙනා රිමාන්ඩ්

ඊයේ (28) යාපනය ශික්ෂණ රෝහල තුළට යතුරුපැදියකින් ඇතුළු වී රෝහල් කාර්ය මණ්ඩලයට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දෙදෙනා ජුනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කැපුම් තුවාල සහිත පුද්ගලයෙක් යාපනය ශික්ෂණ රෝහල තුළටම යතුරුපැදියකින් තවත් තරුණයෙකු ඇතුළත් කිරීම හේතුවෙන් ඊයේ එහි නොසන්සුන්තාවක් හට ගත්තා.

රෝහල තුළට ඇතුළු වූ යතුරුපැදිය පැදවූ පුද්ගලයා බීමතින් සිට ඇති අතර ඔහු රෝහල් කාර්ය මණ්ඩලයට බල කරමින් රෝහලේ නොසන්සුන් අයුරින් හැසිරුණු අයුරු රෝහලේ පිහිටි සී සී ටී වී කැමරාවල සටහන්ව තිබෙනවා.

එහිදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් යතුරුපැදිය පැදවූ පුද්ගලයාට යතුරුපැදියෙන් රෝහල තුළට පැමිණියේ ඇයි දැයි විමසූ විට යතුරුපැදිකරු විසින් රෝහල්කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට අසළ තිබූ මුද්‍රණ යන්ත්‍රයකින් පහරදීමක් සිදුකොට තිබේ.

එම පහරදීමෙන් රෝහල් කාර්ය මණ්ඩල සේවකයාද තුවාල ලබා ඇති අතර රෝහල් කාර්යය මණ්ඩලය විසින් මෙම පහරදීම සිදු කළ පුද්ගලයා අල්ලා යාපනය පොලිසියට භාර දී තිබෙනවා.

පසුව පහරදීම සිදුකරන ලද පුද්ගලයා සහ යතුරුපැදියේ තුවාල සහිතව පැමිණි පුද්ගලයාද යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (28) යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ තරුණයන් විසින් කිසියම් සාදයක් පවත්වා ඇති අතර එහිදී සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී සිදුකළ පහරදීමක් හේතුවෙන් එක් අයෙකුගේ අතට සිදුවූ කැපුම් තුවාල හේතුවෙන් එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට බීමතින්ම යතුරුපැදියකින් රැගෙන විත් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39