නාවික හමුදා රෝහලේ නවතා තිබූ කැබ් රථයක් හොරාට විකුණලා

කොළඹ නාවික හමුදා රෝහල් භූමියේ නවතා තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් නාවික හමුදාවට අයත් කැබ් රථයක් රෝහල් භූමියෙන් පිටතට ගෙනගොස් අලෙවි කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙක්ට කොළඹ මහාධිකරණය අද (28) බරපතළ වැඩ සහිත වසර 14ක සිරදඬුවමක් නියම කළා.

ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව රුපියල් ලක්ෂ 47 බැඟින් වූ දඩ මුදලක් ද අධිකරණය මඟින් නියම කරනු ලැබුවා.

එම අඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක අමතර සිරදඬුවමක් පැනවීමටයි නියෝග කළේ.

2007 පෙබරවාරි 14 දින හෝ ඊට ආසන්න දිනක එකී වරද සිදුකිරීම ඇතුළු අධි චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා.

එහිදී තෙවන විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි අධිකරණය අද (28) නියෝග කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?