ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසුවූවන්ට සුබ ආරංචියක්

ඔන්මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වන විට මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්‍යක්ෂවරු අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී එහි අධ්‍යක්ෂවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙම දැනුම්දීම සිදුකළා.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 61,000කට මුදල් ගෙවීමට නියමිතව තිබෙන බව සඳහන් කළා.

එසේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 18 කට අසන්න බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

තම සමාගමට අදාළ බැංකු ගිණුම් මේ වන විට අධිකරණය විසින් තහනමට ලක් කර තිබෙන බවත්, එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාළ මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මෙහිදී මුදල් අහිමි වූ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය වගේ කරුණු දක්වමින් විත්තිකරුවන් විසින් තම සේවා දායකයින්ට රුපියල් කෝටි 25 ක පමණ මුදලක් නැවත ගෙවීමට නියමිතව තිබෙන බව සඳහන් කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා තැන්පත්කරුවන්ට නියෝග කළේ තමන්ට ගෙවීමට තිබෙන මුදල් පිළිබඳ සියලු විස්තර විත්ති පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

ඉන් අනතුරුව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර අදාළ මුදල් නැවත ගෙවීමේ වැඩපිළිවෙලක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව අදාළ බැංකු ගිණුම් තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලන බවත් මහේස්ත්‍රත්වරයා විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව අදාල පැමිණිල්ල ජුලි මස 09 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර, එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පාර්ශ්වකරුවන්ට දන්වා සිටියා.

එම නඩුවේ සැකකරුවන් ලෙස අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු පස්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
1
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?