ISIS ප්‍රහාරයකට සැරසෙද්දී ඉන්දියාවේ දී ඇල්ලූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාගේ පැටිකිරිය එළියට

අයි.එස් සංවිධානය සමඟ සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා මෙහෙය වූ පුද්ගලයා ලෙස ඔස්මන්ඩ් ජෙරාඩ් නැමැත්තෙකු කටයුතු කර ඇති බවට ශ්‍රී ලංකා ආරක්ෂක සැකපළ කරනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට මිලියන 02ක ත්‍යාග මුදලක් පිරිනමන බවයි ශ්‍රී ලංකා පොලිසිය පසුගිය දා නිවේදනය කළේ.

අවශ්‍යව සිටින ඔස්මන්ඩ් ජෙරාඩ් නිතරම ඔහුගේ පෙනුම වෙනස් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු වයස අවුරුදු 46ක දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය මැයි 20 වනදා ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන් තොටුපළේදී ISIS සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයන් හතරදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් මොහොමඩ් නුස්රත් නැමැති සැකකරු සිංගප්පූරුව, මැලේසියාව සහ ඩුබායි වැනි රටවලින් විදුලි සංදේශ උපකරණ සහ විදුලි උපකරණ ආනයනය කරන ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු කොළඹ නගරයේ ක්‍රියාත්මක වෙමින් එම ආනයනික භාණ්ඩ අලෙවි කිරීම සිදුකරගෙන ගොස් තිබෙනවා.

2020 සැප්තැම්බර් 16 වන දින හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ දී අත්අඩංගුවට සැකකරුවන් අතර සිටින 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන් නැමැත්තා මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ කුප්‍රකට පාතාල අපරාධකරුවෙකු වන නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර්ගේ පළමු බිරිඳගේ පුත්‍රයා බවට හඳුනාගෙන තිබෙනවා.

නෆ්රාන් ඉන්දියාව සහ ඩුබායි වැනි රටවලින් ඇඳුම් ද්‍රව්‍ය සහ චොකලට් ගෙන ඒම සම්බන්ධ ව්‍යාපාර කටයුතු සිදුකර ඇති අතර, ඔහු වයස අවුරුදු 16 දී තම මව සමඟ එක්ව මෙම ව්‍යාපාරය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, 2017 වසරේදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනතට අදාළ චෝදනා මත ශ්‍රී ලංකා පොලිසිය විසින් නෆ්රාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මාලිගාවත්තේ පදිංචි 35 හැවිරිදි මොහොමඩ් ෆාරිස් සහ කොළඹ 13 පදිංචි 43 හැවිරිදි මොහොමඩ් රෂ්ඩීන් යන දෙදෙනා ද ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා අතර සිටින අයවලුන් වනවා.

මොහොමඩ් ෆාරිස් පිටකොටුවේ ‘නාට්ටමි’ හෙවත් කරත්ත අදින්නෙකු ලෙස සේවය කර ඇති අතර, 2023 මාර්තු 11 සහ එම වසරේ නොවැම්බර් 01 වැනි දින කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවට කරුණු හෙළි වී තිබෙනවා.

අනෙක් සැකකරු වන මොහොමඩ් රෂ්ඩීන් නැමැත්තා ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කළ අයෙක් බවයි හඳුනාගෙන ඇත්තේ.

ඔහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ආරක්ෂක අංශ සැක කරනවා.

2022 සැප්තැම්බර් 16 වන දින රෂ්ඩීන්, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කළ අයෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ජාතික තව්හිද් ජමාත් සංවිධානයට අයත් බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කළා.

ඉන්දීය පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයින් සිව්දෙනා සමාජ මාධ්‍ය හරහා පාකිස්තානයේ ‘අබු’ නම් පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වී ඇති බවත්, ඉන්දියාවේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ‘අබු’ නැමැත්තා ඔවුන්ව දිරිමත් කළ බවත් අනවරණය වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18