AFC Banner
Empty Ad
Empty Ad

ලොව වැඩිම බිලියනපතියන් සිටින නගරය මෙන්න

නවතම “ෆොර්බ්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව” අනුව ලොව වැඩිම “බිලියනපතියන්” සිටින නගරය වන්නේ චීනයේ බීජිං නගරය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සඟරාවට අනුව පසුගිය වසරේදී බීජිං නගරයේ නව බිලියනපතියන් 33 දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව එම නගරයේ මේ වනවිට බිලියනපතියන් 100ක් සිටී.

ඒ අනුව එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය අභිබවා යෑමට බීජිං නගරය සමත්විය.

එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ සිටින බිලියනපතියන් ගණන 99කි.

කොවිඩ් වසංගතය පාලනයට සමත්වීමත් විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික සමාගම සහ කොටස් වෙළෙඳපොළේ වර්ධනය ඊට හේතුවූ බව ෆොර්බ්ස් සඟරාවේ දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?