දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසක් ගිවිසුම් ගතවෙයි (වීඩියෝ)

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ යන්න තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබුවා.

‘සර්ව ජන බලය’ නමින් මෙම නව දේශපාලන ව්‍යාපාරය සඳහා නම් තබා තිබෙනවා.

මේ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගතවීම අද සිදු වුණා.

ඒ, අනුව මෙම නව දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අත්සන් කිරීම අද (27) කොළඹ දී සිදුකෙරුණා.