කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන වාහන ගැන නිවේදනයක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ වාහන නැවැත්වීම සහ හැසිරවීම පිළිබඳ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ දැක්වෙන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙන් පිටත ප්‍රදේශයේ වාහන නවතා තැබීම, තදබදයක් ඇති නොවන පරිදි ක්‍රමවත් කිරීමේ අරමුණෙන් කිසිදු විටෙක රියදුරු නොමැතිව වාහන නවතා තැබීම සපුරා තහනම් බවයි.

ඊට අමතරව ආගමන ගුවන් මගීන් රැගෙන යාමට පැමිණෙන සියලුම වාහන අදාළ රථගාල්වල සිට නියමිත වේලාවන් හි දී පමණක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණිය යුතුයි.

රියදුරු සහිතව ද ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ අනවශ්‍ය පරිදි විනාඩි 30 කට වඩා වැඩි කාලයක්, වාහන තදබදයක් ඇති වන පරිදි, අණ නොතකා වාහන හසුරුවන රියදුරුවරුන්, ගුවන් තොටුපොළෙන් පිටතට යාමේදී, විශේෂ ගාස්තුවකට යටත් කරනු ලබනවා.

මෙම ක්‍රියාවලිය මඟින් පහසු සහ ක්‍රමවත් සේවාවක් කටුනායක ගුවන් තොටුපොළ තුළින් ගුවන් මගීන්ට හිමිවන අතර, අයථා සහ අනවශ්‍ය පුද්ගලයන් සහ වාහන ගුවන් තොටුපොළ තුළට ඇතුළු වීම වළක්වා ගැනීමට හැකි වීමෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව වඩා තහවුරු වනු ඇති බවට එම නිවේදනය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
16
+1
0
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක් - පස්දෙනෙකු තුවාල ලබා රෝහලේ
01:11
Video thumbnail
ජනාධිපතිගේ ගිණුමේ බාගයක්ම හැකර් පැනලා උස්සලා - බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා
09:56
Video thumbnail
නාමල්ගේ කතාව මැද මාමා කෙනෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හොරුනේ..හොරු හොරුනේ ඉතින්
06:53
Video thumbnail
විනාඩි 5ක් ඇතුළත ඔක්කොම ඇවිලිලා ඉවරයි - සංචාරක හෝටලයක හදිසියේම හටගත් මහ ගින්න
01:22
Video thumbnail
රටේ ගොවියා පාරිභෝගිකයා ගැන හිතන්නේ නෑ - ලාල්කාන්තට යකා නගියි
05:19
Video thumbnail
නොසැලකිල්ල තමයි මේ රටටම බලපාලා තියෙන කිල්ල - බාධා කළොත් තවත් නීතියට යටත් වෙන්න වෙයි
02:48
Video thumbnail
මේ ආණ්ඩුව සමාජයේ පැරදිලා ඉන්නේ - මුළු රටම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හා සමානයි..
02:09
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01