ගාම්භීර්ට ෂාරුක්ගෙන් හිස් චෙක්පතක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු සෙවීමේ මෙහෙයුම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වනවිට අරඹා තිබෙනවා.

ඒ, අනුව එම තනතුර සඳහා මෙවර අයි.පී.එල්. ශූරතාව දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ගෞතම් ගාම්භීර් කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙලෙස ගාම්භීර් කෙරෙහි අවධානයෙන් පසුවන පසුබිමක තව දුරටත් ඔහුගේ සේවය ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකරුවන ෂාරුක් ඛාන්ට ද උවමනා වී තිබෙනවා.

ඒ, අනුව ඉදිරි වසර 10ක කාලය සඳහා ද ගෞතම් ගාම්භීර් කොල්කටා කණ්ඩායම සමඟ රඳවා ගැනීමට ෂාරුක් ඛාන්ට අවශ්‍යතාවය පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අවශ්‍යතාවයත් සමඟ ෂාරුක් ඛාන් විසින් ‘හිස් චෙක්පතක්’ ගාම්භීර් වෙත පිරිනමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ, ගෞතම් ගාම්භීර්ට ඔහුගේ වටිනාකම අදාළ හිස් චෙක්පතේ ලියාගැනීම අවස්ථාව සලසා දෙමින්.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු තෝරාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා සඳහන් කළේ, “අපගේ ජාතික කණ්ඩායම සඳහා සුදුසු පුහුණුකරු සොයා ගැනීම ඉතා සූක්ෂම සහ පරිපූර්ණ ක්‍රියාවලියක්. අපි ඉන්දීය ක්‍රිකට් ව්‍යුහය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති සහ ශ්‍රේණිගත කිරීම් හරහා ඉහළට ගිය පුද්ගලයින් හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා.” යනුවෙන්.

ගාම්භීර් ඉන්දියාවේ මීළඟ ප්‍රධාන පුහුණුකරු වීමට උනන්දු විය හැකි නමුත්, කොල්කටා කණ්ඩායම හැර යාම සම්බන්ධයෙන් ඔහු ෂාරුක් ඛාන් සමඟ කරන සංවාදය විශාල තීරණාත්මක සාධකයක් විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
5
+1
5
+1
0
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12