AFC Banner
Empty Ad
Empty Ad

‘රිමාල්’ බංග්ලාදේශයට ඇතුළු වෙයි – වක්‍ර බලපෑම ශ්‍රී ලංකාවට තවදුරටත්

නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ ‘රිමාල්’ සුළි කුණාටුව බංග්ලාදේශය වෙත ඇතුළු වී තිබෙනවා.

කෙසේ වෙතත් එහි වක්‍ර බලපෑම තවදුරටත් මෙරටට එල්ල කරනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව‍ පෙන්වා දෙන්නේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් අත්තනගලු ඔය, කැළණි, කලු, ගිං සහ නිල්වලා යන ප්‍රධාන ගංගාවල ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ්, හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතුව ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර ප්‍රකාශ කළා.

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීම නිසා පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව පියවර ගෙන තිබුණා.

ගම්පොළ කුරුඳුවත්ත රාක්ෂාව ප්‍රදේශයේ වතු නිවාස පේළියකට ඊයේ පැවති දැඩි වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් හානි සිදු වී තිබුණා.

ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 25 කට අයත් පුද්ගලයින් 80 දෙනෙකු ප්‍රදේශයේ පාසලේ තාවකාලිකව රැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තවදුරටත් ඉතා තද සුළං සමඟ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
5
+1
1
+1
11
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34
Video thumbnail
අතරමං වෙන්නේ නැතිව 113ක් හදාගන්න තමයි අපිත් උත්සහ කරන්නේ
05:58
Video thumbnail
රංජන්ගේ රෙදි නැත්තටම නැති කරපු අජිත්
02:31
Video thumbnail
14න් පස්සේ ජනතාවගේ උවමනාවන් ඉෂ්ඨ වෙනවා - ලාල් කාන්තගෙන් සහතිකයක් #lalkantha #npp
02:24
Video thumbnail
ජනපති ඊයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම හමු වූ අවස්තාව
00:53
Video thumbnail
ගමෙන් කාලා ගේට්ටුව වහගෙන - සෙල්ලමක් දාපු සාදුයි අක්කයි මාට්ටු
01:40
Video thumbnail
මවපු සිහින ලෝක ක්‍රියාත්මක කරන්න බෑ - දිලුම් අමුණුගම මාලිමා ආණ්ඩුවේ සායම යවයි
05:11

?