ශිෂ්‍යත්ව අයදුම්පත් භාරගැනීම අද සිට – උසස් පෙළ ප්‍රතිඵලත් මේ සතියේ

ශිෂ්‍යත්ව විභාගයට අදාළව අයදුම්පත්‍ර භාර ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (27) දිනයේ සිට ආරම්භ වනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ජුනි මස 14 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බවයි.

මධ්‍යම රාත්‍රී 12.00න් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් කරන බව සඳහන් කළ කොමසාරිස් ජනරාල්වරයා කිසිදු හේතුවක් මත අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව ද පැවසුවා.

onlineexams.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අයදුම්පත්‍ර ඉදිරිපත් යොමු කිරීමට හැකියාව පවතිනවා.

මේ සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911 හෝ 0112 784537, 0112 786616‍, 0112 784208 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

2024 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර 2023 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම සති අන්තයේ නිකුකිරීමට හැකියාව පවතිනු ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14