AFC Banner
Empty Ad
Empty Ad

මංගල සාදය මැද ගුටි කෙළියක්

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයක් අතර තුර ඇති වූ ගැටුමකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා.

අද (26) පැවති මංගල උත්සවයක් අතර තුර දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලබා ඇත්තේ හල්දුම්මුල්ල, කිරවනාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර, ඔවුන් දෙදෙනා හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දියතලාව මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
20
+1
1
+1
4
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?