ඉන්දීය පිළේ ප්‍රධාන පුහුණුකරු වෙන්න සංගාගේ අදහසක් නැහැ

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එක්වන බවට පුවත් පසුගිය දින කිහිපයේ දීම වාර්තා වුණා.

එවැනි තත්ත්වයක් තිබිය දී සංගක්කාර පවසන්නේ ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම් කිරීමේ කිසිදු අභිප්‍රායක් නොමැති බවයි.

ඒ, අනුව සංගක්කාර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඉල්ලුම් කිරීමේ කතාව ප්‍රතික්ෂේප කළ අතර, එම කාර්යබහුල රැකියාවට කැපවීමට තමාට “කාලයක් නොමැති” බව පවසමින් රාජස්ථාන් රෝයල්ස් සමඟ තනතුරක් දැරීමට තමා සතුටු වන බවයි සඳහන් කළේ.

2024 අයි.පී.එල් තරඟාවලියේ 02 වන සුදුසුකම් ලැබීමේ තරඟයේදී සන්රයිසස් හයිද්‍රාබාද් හමුවේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 36 කින් පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර මේ බව සඳහන් කළා.

“මාව සම්බන්ධ කරගෙන නැහැ. මට ඉන්දියාවේ පුහුණුකරු රැකියාවකට පූර්ණ කාලීනව කැපවෙන්න වෙලාවක් නැහැ. රාජස්ථාන් රෝයල්ස් එක්ක මගේ වැඩකටයුතු ගැන සතුටුයි. අපි බලමු ඒක කොහොමද කියලා.”

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ් එම තනතුරින් ඉවත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27