IPL අවසන් තරගයට පෙර නරක ආරංචියක්

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අයි.පී.එල්. අවසන් මහා තරගයට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අවසන් පුහුණු සැසියට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

කොල්කටා කණ්ඩායම ඊයේ (25) සවස් වරුවේ විදුලි ආලෝකය යටතේ පුහුණුවීම් කිරීමට නියමිතව තිබුණ ද ක්‍රීඩකයින් ඔවුන්ගේ සුපුරුදු ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම ආරම්භ කරන විට වර්ෂාව පතිත වුණා.

මේ අතර හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ දිනය විවේක දිනයක් ලෙස ගතකිරීම ද විශේෂත්වයක්.

අවසන් තරගය සඳහා අද දිනයේ යොදාගන්නා තණ තීරුවේ මූලික සංයුතිය රතු පස්වන අතර, පන්දුව පිත්තට වඩා හොඳින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අද දිනයේ තරගය පැවැත්වෙන්න චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයේ කාලගුණය සම්බන්ධයෙන් අද වර්ෂාව පිළිබඳ නිල පුරෝකථනයක් සිදුකර නැහැ.

කෙසේ නමුත් අඩු ආර්ද්‍රතාවය සමඟ අහස වළාකුළුවලින් පිරී පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර වර්ෂාව හේතුවෙන් අද දිනයේ තරගයට බාධාවක් එල්ල වුවහොත් අමතර දිනයක් ලෙස හෙට (27) දිනය අවසන් මහා තරගය සඳහා වෙන්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51