ත්‍රිරෝද රථවලට කොඩි බෙදපු අගමැති දිනේෂ්

වෙසක් උත්සවය නිමිති කොටගෙන ත්‍රීරෝද රථ දහසක බෞද්ධ කොඩි සවිකිරීම අද (22) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

කොළඹ, ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මෙම වැඩසටහන යටතේ බෞද්ධ කොඩි අද දහස් ගණන් සංචාරය කරන වාහනවලට පරිත්‍යාග කරමින් රට පුරා මෙන්ම කොළඹ නගරය බෞද්ධ කොඩියෙන් ඒකාලෝක කරනවා. බෞද්ධ ජනතාවගේ කේන්ද්‍රස්ථානය ලෙස සිරිලක අඛණ්ඩව පවත්වාගෙන යන වෙසක් සැමරුම වෙනුවෙන් පරම්පරාවෙන් පරම්පරාවට මහා සඟරුවන ලබාදුන් නායකත්වයට අද දින යළිත් අපේ රජය වෙනුවෙන් බැඳියාව, ගෞරවය, කෘතවේදීත්වය පමණක් නොව ඒ සඳහා කටයුතු කිරීමට තිබෙන වගකීම ප්‍රකාශ කරනවා.

අපේ වීදි දරුවන්. රණවිරුවන් එක්තැන් කිරීමට කටයුතු කළ ධර්මායතන විහාරස්ථානයට එම කටයුතු ඉදිරියට ගෙන යාමට හැකිවන විශේෂ වැඩපිළිවෙළක් හා අවශ්‍ය පහසුකම් රජය විසින් සකසා දී තිබෙනවා. කුඩා දරුවෙක් වුවත් පොඩි වෙසක් කූඩුවක් බුදු තෙමගුල වෙනුවෙන් හදන්නේ කොයිතරම් බොදු බැතියක් හදවතේ තියාගෙනද? ඒ වගේම රට පුරා මුළු ජාතියම අවදිවෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය රටට හා ලොවට දායාද කිරීමේ උතුම් අවස්ථාවකට අපි පිවිසෙනවා. බුදුරජාණන් වහන්සේ ගෙනගිය මැදුම් පිළිවෙත අද ලොවට දායාද කළ හැකි උතුම්ම දායාදය ලෙස වෙසක් පොහොය දිනයේදී, වෙසක් වැඩසටහන්වලදී සිහිපත් කොට ඒ වෙනුවෙන් කැපවෙමු.”

  1. ඉනදියාවට රට විකුනල බෞද්ධ කොඩි බෙදන බොරලුගොඩ සිංහයාගේ සුනඛ පුත්‍රයා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34