කටුකුරුන්දේ වෙඩි තැබීමක් – අයෙක් මරුට දැරියකට තුවාල

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ඔහුගේ 08 හැවිරිදි දැරිය තුවාල ලැබුවා.

මෙලෙස මියගොස් ඇත්තේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නමැති 38 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා කටුකුන්ද දුම්රියපොළ පාරේ පදිංචි නිවවසේ සිට දරු තිදෙනා සමඟ රාත්‍රි ආහාරය ලබාගනිමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි මෙතෙක් සිදුකළ විමර්ශනවල දී නිරීක්ෂණය වී ඇත්තේ.

ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පුද්ගලයා මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධයෙන් පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරී නිලධාරින්, කළුතර අපරාධ කොට්ටාශය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, කළුතර, පයාගල, බේරුවල ස්ථානාධිපතිවරුන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් සහ විශේෂ කාර්ය බලකාය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31