පිලිපීන ධීවර බලඇණියක් දකුණු චීන මුහුදේ දී චීනයට අභියෝග කරයි

පිලිපීන ක්‍රියාකාරීන් පිරිසක් රැගත් කුඩා ධීවර යාත්‍රා 100ක් පසුගියදා දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති කලාපයක් වෙත යාත්‍රා කළා.

එහිදී බීජිං වෙරළාකරක්ෂක බලකාය ඔවුන්ගේ ගමන වැළැක්වීම සඳහා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ස්කාර්බරෝ ෂෝල් ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශයේ පිලිපීන ස්වෛරීභාවය තහවුරු කිරීමේ චාරිකාවට එක් වූ යාත්‍රා නිරීක්ෂණය සඳහා පිලිපීන වෙරළාරක්ෂක සහ නාවික හමුදාව ද මුර නෞකා යොදා තිබුණා.

තෙදින චාරිකාව සඳහා මාධ්‍යවේදීන් පිරිසක් ද එක්ව සිටියා.

Atin Ito නමින් හැඳින්වෙන රාජ්‍ය නොවන සන්ධානයකට අයත් කිතුණු පූජකතුමන්ලා ප්‍රමුඛ ස්වේච්ඡා ක්‍රියාකාරීන් මතභේදාත්මක මුහුදු කලාපයේ සිටින පිලිපීන ධීවරයින්ට ආහර සහ ඉන්ධන ද බෙදා දී තිබෙනවා.

ජාත්‍යන්තර නීතියට අනුව සාමකාමීව තමන් මෙලෙස යාත්‍රා කරන බව පැවසූ ප්‍රධාන සංවිධායක රෆායාලා ඩේවිඩ් සිය අරමුණ පිලිපීනයේ ස්වෛරී අයිතිය තහවුරු කිරීම බව අවධාරණය කරනවා.

පසුගිය දෙසැම්බරයේ දී, ධීවර බෝට්ටු සමඟ ඩේවිඩ්ගේ කණ්ඩායම මතභේදයට තුඩු දී ඇති තවත් වෙරළකට යාත්‍රා කිරීමට උත්සාහ කළ නමුත් චීන නැවක් විසින් එය වළක්වනු ලැබුවා.

2012 දී පිලිපීන රජයේ නැව් සමඟ ඇති වූ ආතති සහගත ගැටුමකින් පසු චීනය වෙරළාරක්ෂක නෞකා මගින් ත්‍රිකෝණ හැඩැති ස්කාර්බරෝ ෂෝල් අල්ලා ගත්තා.

චීනයේ ක්‍රියාවෙන් කෝපයට පත් පිලිපීන ආණ්ඩුව, 2013 දී ජාත්‍යන්තර බේරුම්කරණයට මෙම ගැටලුව රැගෙන ගියා.

එහිදී හේග් හි විනිශ්චය සභාවක් වසර 03ක පමණ කාලයකට පසුව චීනය විසින් අත්පත් කර ගැනීම වලංගු නැතැයි ප්‍රකාශ කළා.

මෙම තීන්දුව මගින් ස්කාර්බරෝ ෂෝල් චීන, පිලිපීන සහ වියට්නාම ධීවරයින් සඳහා සාම්ප්‍රදායික ධීවර ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

බේරුම්කරණයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ චීනය, ප්‍රතිඵලය ද ප්‍රතික්ෂේප කළා.

සති දෙකකට පෙර, චීන වෙරළාරක්ෂක නෞකාවන් මගින් ස්කාර්බරෝ ෂෝල් හි මුර සංචාරයේ යෙදෙන පිලිපීන වෙරළාරක්ෂක යාත්‍රාවකට ජල ප්‍රහාර එල්ල කළ අතර ඉන් යාත්‍රාවට හානි සිදුව තිබුණා.

චීන වෙරළාරක්ෂක භටයින් ස්කාර්බරෝ ෂෝල්හි විශාල ධීවර කලපුවට ඇතුල්වන මාර්ගය හරහා පාවෙන බාධකයක් ද නැවත ස්ථාපිත කර ඇති බව පිලිපීන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

පිලිපීන වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පිලිපීන ජාතිකයින්ට එහි මසුන් ඇල්ලීමට අවසර දීම සඳහා මීට පෙර ද මෙවැනිම බාධකයක් ඉවත් කරනු ලැබුවා.

පිලිපීනය සහ චීනයට අමතරව වියට්නාමය, මැලේසියාව, බෲනායි සහ තායිවානය ද භෞමික ආරවුල්වලට සම්බන්ධ වී සිටිනවා.

චීන වෙරළාරක්ෂක නෞකා ද අතීතයේ දී වියට්නාමය, මැලේසියාව සහ ඉන්දුනීසියාවට ආසන්න මුහුදට ගොස් ආතතීන් ඇති කළ නමුත් චීනය සමඟ සැලකිය යුතු ආර්ථික සබඳතා ඇති අග්නිදිග ආසියාතික එම රටවල් බීජිං හි වඩ වඩාත් ප්‍රබල ක්‍රියාමාර්ගවලට එරෙහිව එතරම් ආක්‍රමණශීලී ලෙස ප්‍රතිචාර දක්වා නැහැ.

මෙම භෞමික ආරවුල් පිලිපීනයේ දිගුකාලීන සගයෙකු වන එක්සත් ජනපදය සහ චීනය අතර සන්නද්ධ ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බවට ද බිය පළවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38
Video thumbnail
බලංගොඩ කස්සප හිමි ඉරාන තානාපති කාර්යාලයට
04:43