ඩයනා ශ්‍රී ලාංකික පාස්පෝට් එක භාරදෙයි (වීඩියෝ)

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ ඩයනා ගමගේ සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය තමා වෙත ලබා දුන් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

මෙරට පුරවැසිභාවයක් නොමැති ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේ දී අනාවරණ වුණා.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ ඩයනා ගමගේට මෙරට පුරවැසිභාවය නොමැති බවත්, ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් ඇගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමක තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ පසුගිය 08 වනදායි.

ඒ, අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මෙරට විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බවත් පෙත්සම් විභාගයේ දී හෙළි වුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් මත ඩයනා ගමගේ තම ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට භාර දී තිබෙනවා.

ඒ, ඇයට සිය ශ්‍රී ලාංකික අනන්‍යතාවය අධිකරණය හමුවේ තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන්.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
17
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09