ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.
මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම හේතුවෙන් විනාඩි 15ක් පමණ කාලයක් තරගයෙන් ඉවත්ව සිටීමටයි සිදු වුණේ.
කෙසේ වෙතත් යළි තරගයට අවතීර්ණ වූ ඩිලන්ත මාලගමුව සහ ඔහුගේ සහායක රියදුරු මෙම තරගය ජයගැනීමට හැකියාව ලැබුණා.
යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගාවලියට සහභාගිවන එකම ආසියානු ධාවකයා ඩිලන්ත මාලගමුව වීම විශේෂත්වයක්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
33
+1
+1
10
+1
2
+1
+1
1
+1
1














