මුම්බායි පිළේ IPL ගමන අවසන් – රෝහිත් මුම්බායි පවුලෙන් ඉවත්වෙන ලකුණු

රෝහිත් ෂර්මාගේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා වෙත පැවරීමත් සමඟ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාරය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මෙවර තරගාවලියේ දස්කම්වලට බලපෑ බව ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් පවසනවා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයෙන් පසු අදහස් දක්වමින් මාර්ක් බවුචර් මෙම අදහස් පළ කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර ඊයේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ලකුණු 18කින් ජය ගන්නට ලක්නව් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලැබූ මෙම පරාජයත් සමඟ ඔවුන් 2024 අයි.පී.එල් ගමන අවසන් කරන්නට සිදු වුණේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳෙමින්.

මෙවර තරගාවලියේ මූලික වටයේ මුම්බායි පිළ සහභාගී වූ තරග 14න් තරග 10ක් ම පරාජයවීමට ඔවුන්ට සිදු වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගී වූ තරග 14 තුළ මුම්බායි ඉන්දියන්ස් ප්‍රේක්ෂකයින් නව නායක හර්දික් පාණ්ඩ්‍යාට එතරම් සහයෝයගක් නොදක්වන ආකාර දැකගත හැකි වුණා.

එය ඊයේ (17) වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී කැපී පෙනෙන සිදුවීමක් වුණා.

මේ අතර අයි.පී.එල් ශූරතා පහකට නායකත්වය දුන් රෝහිත්ගේ මුම්බායි ඉන්දියන්ස් සමඟ අවසන් තරගය ඊයේ බවට බොහෝ දෙනෙක් අනුමාන කරනවා.

කෙසේ වෙතත් රෝහිත් මුම්බායි කණ්ඩායමෙන් ඉවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් ඔහු තීරණයක් ගෙන නොමැති බවයි ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
3
+1
5
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16