ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ – විකල්ප මාර්ග භාවිතා කරන්න උපදෙස්

ඇල්ල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය අද පස්වරු හයේ සිට හෙට උදෑසන හය දක්වා තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් පස් කන්ඩි කඩා වැටීම හා ගල් පෙරළීමේ අවදානමත් සහ මලිත්තගොල්ල ස්ථානයේ නාය යාම සක්‍රීය වීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එම නිසා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්