බසය පදවන අතරේ රියදුරු නොදැනීම මරු තුරුළට

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ රියදුරු අද (16) රිය අසුනේදීම මියගොස් තිබෙනවා.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ පවත්වා ඇති අතර එහිදි රියදුරා මියයාම සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබාදෙමින් රියදුරාගේ ශරිරයේ කොටස් කිහිපයක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර සිරුර ඥාතින් වෙත භාරදීමට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පියවර ගෙන ඇත.

මෙලෙස ධාවනය වෙමින් තිබූ බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් සිටි සුරංග අරුණසිරි අත්තනායක නැමති 39 හැවිරිදි අයෙකි.

නුවරඑළිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා ඊයේ (15) පස්වරුවේ ධාවනය වූ බස් රථය හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම නිසා එම බස් රථයේ ගමන් ගත් මගීන්ව වෙනත් බස් රථයකට මාරු කිරීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර පියවර ගෙන තිබුණා.

ඉන්පසු ඔවුන් දෙදෙනා එක්ව බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර යළිත් බස් රථය නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්ථාවේදී රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ෆාමස්ටන් ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

බස් රථය අනතුරට පත්වීමත් සමග බස් රථයේ කොන්දොස්තරවරයා රියදුරුට කතා කර ඇති අතර එය නෑසුනාක් මෙන් රියදුරු අසුන මතම වැතිරී සිටි නිසා කොන්දොස්තරවරයා විසින් ඒ පිළිබදව ලිදුල පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.

ඉන්පසු පොලිසිය එම ස්ථානයට පැමිණ රියදුරුව අසුනෙන් ඉවත් කර ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ රියදුරු මියගොස් ඇති බවයි.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් ගමන් කර ඇති බවත්, අනතුරෙන් බස් රථයට සහ මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් පොලීසිය පවසනවා.

මරණය සහ අනතුර සම්බන්ධයෙන් ලිදුල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16