බිරිඳගේ මරණයට සැක පිට සැමියා අත්අඩංගුවට

යාපනය තාලයඩි ප්‍රදේශයේදී කාන්තාවක් අපයෝජනයට ලක් කර ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්කසන්තුරේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරුතංගේනි පොලිසියට භාරදී ඇත.

පසුගිය 10 වැනිදා මරුතංගේනි පොලිස් වසමට අයත් උඩුතුරෙයි තාලයඩි ප්‍රදේශයේදී කාන්තාවක් අපයෝජනය කර ගෙල සිරකර ඝාතනය කර තිබුණා.

මසුන් ඇල්ලීමට ගොස් අලුයම නිවසට පැමිණෙන විට තම බිරිඳ වැසිකිළිය ඉදිරිපිට මියගොස් සිටිනු දැක ඇති බව එම කාන්තාවගේ සැමියා පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබුණා.

ඔහුගේ පැමිණිල්ලෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාව අපයෝජනය කර, ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි තිදරු මවක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

මියගිය කාන්තාව සහ ඇයගේ සැමියා නිතර ගැටුම් ඇතිකරගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වීම හේතුවෙන් 52 හැවිරිදි සැමියා ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23