විජයදාසට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීමට ගෙන තිබෙන තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ල තුළින් ඉල්ලා තිබෙන වාරණ නියෝගය නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ප්‍රකාශ කිරීම හෙට (16) දින දක්වා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය තීරණය කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය අද (15) පස්වරු 3.30 ට ප්‍රකාශ කරන බව නිවේදනය කර තිබුණා.

ඉන් අනතුරුව විනිසුරුවරයා නිවේදනය කළේ එම වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය හෙට (16) දින ප්‍රකාශයට පත් කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල පවත්වාගෙන යාමට නොහැකි බවට විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඊයේ (14) දින විරෝධතාවක් මතුකර තිබුණා.

එම විරෝධතාව තුළින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබුණේ මෙම නඩුවට පාදකවන කාරණය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන නිසා මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවයි.

එම විරෝධතාව සම්බන්ධයෙන් සිය තීන්දුව අද (15) පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ දිසා විනිසුරුවරයා කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කළ නියෝගයට අගති රහිත වන ආකාරයට මෙම නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන බව සඳහන් කළා.

ඒ, අනුව විජයදාස රාජපක්ෂගේ පාර්ශ්වය ද මෙම නඩුවට අදාළව කරුණු දැක්වීමට අවසර දුන් දිසා විනිසුරුවරයා මෙම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝගය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමටද දෙපාර්ශවයට අවසර දුන්නා.

ඒ, අනුව පැමිණිලිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය දැනටමත් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව සඳහන් කළා.

වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් වාරණය කළ පූද්ගලයෙකු සභාපති ධුරයට පත් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා මේ තුළින් ඔහු අධිකරණ නියෝගයට පටහැනිව ගොස් කටයුතු කර ඇති බවත් සඳහන් කළා.

විජයදාස රාජපක්ෂ පක්ෂයේ සභාපති ධුරයට පත් කිරීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය වෙතින් වාරණ නියෝග ලබාගෙන තිබෙන අතර ඊට අදාළ නියෝග හෝ නොතීසි සිය සේවාදායකයා වෙත ලැබී නොමැති බවත් ඔහු සඳහන් කළා.

විජයදාස රාජපක්ෂ සභාපතිවරයා ලෙස පත් කෙරුනු විධායක සභා රැස්වීම පවත්වා ඇත්තේ කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ නියෝග වලට පටහැනිව බවත් එම නීති විරෝධී රැස්වීමේ දී ගනු ලැබූ නීති විරෝධී තීරණ කඩුවෙල නඩුව හරහා නීත්‍යානුකූල කර ගැනීමට වග උත්තරකාර විජයදාස රාජපක්ෂ උත්සාහ කර තිබෙනවා.

මේ වනවිටත් අධිකරණය විසින් වාරණයට ලක්කර සිටින පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක විසින් අදාළ විධායක සභා රැස්වීම කැදවීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මාසයකට පෙර තමා විජයදාස රාජපක්ෂට පක්ෂ සාමාජිකත්වය ලබාදුන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අප්‍රෙල් මස 21 වනදා ප්‍රකාශ කර තිබූ බවත් එම අවස්ථාව වනවිට මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් දින සිට මාස 06ක් ගතවන තුරු අපේක්ෂිත සාමාජිකයෙකු ලෙස සැලකෙන අතර, වෙනත් පක්ෂයක සාමාජිකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බවත් පෙන්වා දුන්නා.

විජයදාස රාජපක්ෂ තව දුරටත් ශ්‍රී ලංකා පොදූජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන බවත්, ඔහුගේ මාසික වැටුපෙන් ඉකුත් මාර්තු මාසයේදී ද පොදුජන පෙරමුණේ සාමාජික ගාස්තු ගෙවා තිබීම තුළින් එම කරුණ මනාව පැහැදිළි වන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ, අනුව විජයදාස රාජපක්ෂ පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහි සාමාජිකයින්ටත් බරපතල හානියක් සිදු විය හැකි හෙයින් මෙම නඩුවෙන් ඉල්ලා සිටින වාරණ නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ ඒකමතිකව පත්කර ගෙන තිබෙන බවත් එය නීත්‍යානුකූල අයුරින් සිදුකර තිබෙන බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු එහි විධායක සභාව බවත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් සිදුකළ එම පත් කිරීමට විධායක සභාවේ කිසිවකු විරෝධය පලකර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

පක්ෂයේ විධායක සභාවට පිටත සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු මීට විරෝධය පළ කර තිබූණ ද එහි කිසිදු පදනමක් නොමැති බවත් එබැවින් මෙම කරුණු සම්බන්ධයෙන් පුලුල් ව කරුණු සලකා බලන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවත් වීත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සරත් ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් වාරණය කර තිබුණ ද ඔහුට පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කිරීම වාරණය කර නොමැති බව සඳහන් කළා.

ඒ, අනුව සරත් ඒකනායක අධිකරණය විසින් වාරණයට ලක් කර තිබෙන බවට පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු වැරදි සහගත බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම නඩුකරය තුළ කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බවත් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අධිකරණය අනතුරුව වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය ප්‍රකාශ කිරීම හෙට (16) දිනට කල් තැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26