මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ නගරයේ කුඩු විකුණන පාකිස්ථානුවෝ

ශුද්ධ වූ මදීනා නගරයේ දී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පකිස්ථාන ජාතිකයන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇතැයි සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කළා.

මෑත මාසවලදී සෞදි බලධාරීන් විසින් සිදු කරන ලද සියගණනක් මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් බහුතරයක් පාකිස්තානුවන් බව හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් මක්කම, රියාද් සහ සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශවල සිට ජාවාරම සිදුකරන බවයි පැවසෙන්නේ.

මීට සති දෙකකට පෙර කළ වැටලීමක දී රියාද් හි නිවසකදී මත්පෙති 13,000ක් සමග පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02ක් අලෙවි කිරීමට සූදානම් වූ පාකිස්තාන සහ පිලිපීන ජාතිකයන් දෙදෙනෙක් පසුගිය දිනෙක ජෙඩා හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම හැරුණු විට, ගණිකා වෘත්තිය, කාන්තා හා ළමා ජාවාරම, සොරකම, මුදල් විශුද්ධිකරණය වැනි වෙනත් අපරාධවලට ද පාකිස්තානුවන් සම්බන්ධ වී ඇතැයි සෞදි මාධ්‍ය වාර්තා කරනවා.

නිදසුනක් වශයෙන්, 2022 ජනවාරි මාසයේදී, සමාජ මාධ්‍යවල ජනප්‍රිය වූ වීඩියෝ දර්ශන පෙළක් ආශ්‍රයෙන්, පළාගිය ගෘහ සේවිකාවන් සූරාකමින් විශාල ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පකිස්ථාන ජාතිකයෙකු රියාද්හි දී අත්අඩංගුවට ගැනීම පෙන්වා දිය හැකියි.

නිවෙස්වලින් පළා ගිය ගෘහ සේවිකාවන් ගණනාවක් ලිංගික සූරාකෑමට ලක් වූ බව එම දර්ශන පෙළෙහි දැක්වුණා.

පකිස්ථානයෙන් මත්ද්‍රව්‍ය තොග සෑම විටම අප්‍රිකාව සහ මැද පෙරදිග ඇතුළු ලෝකය වෙත ඇතුළුවීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබෙනවා.

පකිස්ථානයේ ද අයිස් භාවිතය බහුලව පවතින්නේ හෙරොයින් සහ ගංජා අභිබවා යමින්.

රට තුළ මත්ද්‍රව්‍ය විරෝධී නීති ලිහිල්ව ක්‍රියාත්මක කිරීම වෙළඳාම වර්ධනයවීමට ඉඩ සලසා ඇති බවට චෝදනා එල්ල වනවා.

Covid-19 වසංගතය අතරතුර පකිස්ථානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ISIS සහ Boko Haram වැනි ත්‍රස්ත සංවිධාන සමඟ සම්බන්ධ වී ඇති බව සොයා ගැණුනා.

සෞදි අරාබියේ රාජධානියේ විදේශිකයන් මිලියන 12ක් සිටින අතර, එය රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකකට අධිකයි.

ඉන් මිලියන 1.6ක පකිස්ථාන ජාතිකයන් වන අතර ඔවුන් සෞදි අරාබියේ දෙවන විශාලතම සංක්‍රමණික ප්‍රජාව වනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, මුදල් විශුද්ධිකරණය, සොරකම් කිරීම සහ වෙනත් අපරාධ ක්‍රියාවන්ට පකිස්ථානු විදේශිකයන් සම්බන්ධ වීම කෙතරම් පුළුල්ද යත්, වසර කිහිපයකට පෙර සෞදියේ ඉහළම ආරක්ෂක නිලධාරි ලුතිනන් ජෙනරාල් ඩාහි ඛල්ෆාන් තම සෙසු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ගල්ෆ් කලාපයට තර්ජනයක් වන පකිස්ථානුවන් සේවයේ යෙදවීමෙන් වළකින ලෙසයි.

“පකිස්ථානුවන් බඳවා ගැනීම නැවැත්වීම ජාතික යුතුකමක්” බව ඔහු තැබූ එක්ස් සටහනක දැක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31