ජනපතිත් හමුවෙලා ම ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට

එළඹෙන ජුනි 01 වනදා සිට ජුනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.

ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (13) පස්වරුවේ මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිය සුබපැතුම් පිරිනමනු ලැබුවා.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) උදෑසන ඇමෙරිකා බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?