නිමල් පාර්ශ්වයේ වැඩ බලන මහලේකම්ගෙන් මෛත්‍රී පාර්ශ්වයට ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය මඟින් කැදවා තිබූ විධායක සභා රැස්වීම සම්බන්ධයෙන්, නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වය නියෝජනය කරන වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය මෛත්‍රී පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන සරත් ඒකනායක වෙත යොමුකර ඇති අතර, එමඟින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් බවට හුවා දක්වමින් ඊනියා රැස්වීමක් කැඳවා ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් කැඳවීමට සරත් ඒකනායකට බලයක් හෝ අයිතියක් හෝ හිමිකමක් නොමැති බවට අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය මඟින් අද (12) දිනයේ කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක විධායක සභා රැස්වීමක් පවත්වනු ලැබුවා.

මෙම විධායක සභා රැස්වීම කැඳවා තිබුණේ මෛත්‍රී පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන සරත් ඒකනායක විසින්.

නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක යොමුකළ ලිපිය පහතින්.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21