සරසවි අනධ්‍යන සේවකයින්ගේ වර්ජනයට ශිෂ්‍ය සංගම් හා අධ්‍යන කාර්ය මණ්ඩලවල සහාය

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල ද සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ බව දැනුම්දීමේ විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අද (12) පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම්වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

වැටුප් විෂමතාව නිවැරදි කිරීම, මාසික හිලව් දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව විසින් පසුගිය 02 වනදා සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

මෙහිදී අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී.ඒ.ඩී. සුරංජීව,

“මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට මේ වනවිට දිවයින පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සියල්ල සහයෝගය ලබා දෙන්න එකතු වෙලා ඉන්නවා. අධ්‍යන කාර්ය මණ්ඩල අපිට පූර්ණ සහයෝගය ලබාදෙන්න පොරොන්දු වෙලා තියෙනවා. අපි මේ වන විට යම්තාක් අයුරින් මානුෂිකව සිතා විශ්වවිද්‍යාලවල ගොවිපළ සේවා, සෞඛ්‍ය සේවා, සහකාර වෛද්‍ය සේවා, ජල, විදුලි නඩත්තු සේවා ඉටුකලත් හෙට (13) දිනයෙන් පසු ඒ සියල්ලම නවතා දමනවා.මේ වන විට ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන කටයුතු, විභාග කටයුතු සියල්ල නැවතිලා තිබෙනවා. සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ වගකීම රජයේ බලධාරීන් භාරගත යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46