කැනඩාවට පනින්න ගිය දෙදෙනෙක් ගුවන්තොටේ දී අල්ලයි – මහ මොළකරු මීගමුවේ හෝටලයක

කූඨ ලෙස සකස් කළ විදෙස් ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු එම කටයුතු මෙහෙය වූ පුද්ගලයා ද ඊයේ (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් සහ වව්නියාව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෙක් ඊයේ (11) අලුයම ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ඩුබායි ඔස්සේ කැනඩාව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් දෙදෙනා කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍ර භාවිත කර තිබූ බැවින් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඉන්පසුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් මෙම ගමන් බලපත්‍ර සකස් කර දුන් පුද්ගලයා මීගමුව සංචාරක හෝටලයක නැවතී සිටින බව කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු එම හෝටලය වටලා ඔහු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නේවාසික කාඩ්පත් භාවිත කර වැඩි වශයෙන් කැනඩාවේ පදිංචිව සිටින්නෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ ගමන් බෑගය තුළ තිබී කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර 07ක් සොයා ගෙන තිබූ අතර, ඒවායින් 05ක් සදහා කැනඩාවේ නේවාසික වීසා බලපත්‍ර ද තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඊට අමතරව ඉන්දීය ගුවන් සේවයට අයත් මුද්‍රනය නොකළ ගුවන් යානා ඇතුළු වීමේ අවසර පත් 10ක් ද සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම කැනඩාවේ නේවාසිකව නවාතැන් ගැනීම සදහා භාවිත කරන “නේවාසික කාඩ් පත් ” 03ක් ද ඔහු සන්තකයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අද (12) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56